windows 11 sinhala

Windows 11 ගැන දැනගමු.

අපි අද බලාපොරොත්තු වෙන්නේ Windows 11 sinhala භාෂාවෙන් කියන්න. මේ වෙද්දී මෙතක් පැවති අවසාන මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 10 වනු ඇතැයි කලක් තිස්සේ තිබුණු මතයක් බිඳ දමමින් වසර 6 කට පසුව වින්ඩෝස් සමාගම විසින් වින්ඩෝස් 11 නිල වශයෙන් මේ වන විට ලෝකයට හඳුන්වා දී තිබෙනවා. තවමත් ලෝකයේ ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය ලෙස අංක එකේ පවතිමින් වින්ඩෝස් සමගම අලුත් features රැසක් සමග මේ හඳුන්වා දී තිබෙනවා. කොහොම නමුත් මෙහි විශේෂත්වය වෙන්නේ වින්ඩෝස් 11, වින්ඩෝස් 10 ට බොහෝ දුරට සමාන ආකාරයට නිර්මාණය කර තිබීමයි. වින්ඩෝස් 11 නිල වශයෙන් නිකුත් කරන්න කලින් leak වුන version එකකුත් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුනා. ඒක සත්‍යක් බවට පත් කරමින් 2021-06-24 දින, මයිසොෆ්ට් සමාගම විසින් නිල වශයෙන් වින්ඩෝස් 11 ලෝකයට හඳුන්වා දීල තියෙනවා. ඒත් තාම අපිට එක නිල වශයෙන් භාවිතා කරන්න නම් අවස්ථාව ලැබිලා නෑ.

වින්ඩෝස් 11 ගැන කෙටියෙන් කිව්වොත් මෙහි,

  • ලස්සන, වඩා ස්ථාවර නව නිර්මාණයක් (Personalize widgets, Themes, Transparent look)
  • නව වීඩියෝ ක්‍රීඩා තේරීම සහ හැකියාවන් (Auto HDR, ලස්සනට lights සහ colors)
  • විශිෂ්ට කවුළු පිරිසැලසුම් විකල්ප
  • වඩා හොඳ බහු-මොනිටරයේ ක්‍රියාකාරිත්වය
  • කාර්ය සාධන ලක්ෂණ වැඩි දියුණු කිරීම
  • Android මෝබයිල් ඇප්ස් ධාවනය, වැනි අලුත් මෙන්ම වැඩි දියුණු කරන ලද features අන්තර්ගත වෙලා තියෙනවා.

පෙනුම වගේම අලුතෙන් එන updates 40% කින් ප්‍රමාණයෙන් අඩුකරනනත් වින්ඩෝස් සමාගමට හැකියාව ලැබිලා තියෙනවා. අලුත් updates පසුබිමින් ක්‍රියාත්මක වෙමින් පරිශීලකයාගේ කාර්යන්ට ඇති කරන බාධා අඩුකරන්නත් ඔවුන් සමත් වෙලා තියෙනවා. ඔබට දැනටමත් වින්ඩෝස් 10 භාවිතා කරනවා නම් update එකක් ආවම කෙතරම් කාලයක් වගේම කෙතරම් GB ප්‍රමාණයක් ඒ සඳහා වැයවෙනවද කියන එක නම් අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේද? මොකද ඒ updates 5GB තරම් විශාල ප්‍රමාණයේ ඒවා වුනා.

මෙතක් ඔවුන් නිකුත් කරපු ආරක්ෂාකාරීම මෙහෙයුම් පද්ධතිය විදියටත් වින්ඩෝස් 11 හඳුන්වනවා. තවත් දෙයක් තමයි multitasking කරන අයට එකවර ඔබේ තිරයේ Windows කිහිපයක් පේලි විදියට වගේම කොටස් විදියට තියාගන්න හැකියාවත් ලැබෙනවා. වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය touch screen සඳහා වැඩි දියුණු කරලා නිෂ්පාදනය කරලා තියෙන නිසා ඔබ සතුව දැන් touch screen එකක් සහිත පරිගණකයක් තියෙනව නම් ඒක භාවිතා කරන එකත් තවත් පහසු වෙනවා.

Microsoft store එකත් ඔවුන් නවමු ආකාරයකට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම Android emulator එකක් නැතුව Android app එකක් run කරගැනීමේ හැකියාවත් අලුත් වින්ඩෝස් 11 වලින් ලැබෙන විශේෂම feature එකක්. කලින් මෙහෙයුම් පද්ධති එක්ක බලද්දී වින්ඩෝස් 11 tablet, notebooks වගේ විවිධ මාදිලියේ පරිගණක වලට ගැලපෙන අයුරිනුත් සකස් කර තිබීමත් සුවිශේෂී දෙයක්.

windows 11 sinhala
වින්ඩෝස් 11 ඇති නවතම පෙනුමකින් යුතු Microsoft Store එකෙන් ඔබට දැන් Android ඇප් ගන්නත් පුළුවන්.

තවත් විශේෂම වෙනස් කමක් වෙන්නේ Start menu එක තිරයේ මැදට වෙන්නට ස්ථානගත කොට තිබීමයි. ඒ වගේම වර්ණවත් Wallpapers එකතුවකුත් අලුත් වින්ඩෝස් වෙනුවෙන් ලබා දී තිබෙනවා. ස්‌වයංක්‍රියව පරිගණක පරිශීලකයාගේ භාවිතය හඳුනා ගනිමින් ඊට අනුකූලව සකස් වීමේ හැකියාවකුත් මෙය සතු වෙනවා.

Covid-19 තත්ත්වය හමුවේ වීඩියෝ conferencing කියන්නේ නැතුවම බැරි දෙයක්. ඉතින් අලුතෙන් එන වින්ඩෝස් වල Teams මෘදුකාංගය අන්තර්ගත අතර ඔවුන් නිල උත්සවයේදී Skype ගැන නම් කතා කරලා තිබුනේ නැහැ. අද වෙද්දී ඉගෙන ගන්න, meetings වලට වගේ සියලුම කටයුතු වලට Teams විවිධ Features වලින් බලගැන්වී තිබීමත් මේකට හේතුවක් වෙන්න පුළුවන්.

වින්ඩෝස් 11 හි අවශ්‍යතා මොනවාද සහ ඔබ එය ලබා ගන්නේ කෙසේද?

ඔබේ පරිගණකයට වින්ඩෝස් 11 දාගන්න නම් අවම වශයෙන් ඔබේ පරිගණකයේ මේ features තියෙන්න ඕනි. 1GHz CPU, 4GB RAM සහ 64GB ආචයනයක්. ඒත් මේ අවම සුදුසුකම් යටතේ ඔබ වින්ඩෝස් 11 භාවිතා කරනකොට ටිකක් මන්දගාමී වීම වගේ වෙන්න පුළුවන්.
මේ මුලික දේවල් වගේම වින්ඩෝස් 11 ට අවේනික වූ සමහර Features වලට 5G, Auto HDR monitor, Touch screen වැනි තවත් විශේෂ දේවල් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ඔබට මූලික වැඩකටයුතු කරගන්න නම් මේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ.

කවදද අපිට වින්ඩෝස් 11 පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ?

තවමත් නිශ්චිත දිනයක් ප්‍රකාශ කරලා නැති වුනත් බොහෝ දෙනා මේ වෙද්දී මත පළකරන්නේ ඔක්තෝබර් මාසයේදී නිලවශයෙන් අපිට ඔරිජිනල් වින්ඩෝස් 11 ගන්න පුළුවන් වෙයි කියල. ඒ කොහොම නමුත් දැනටත් ඔබට පුළුවන් වින්ඩෝස් 11 භාවිතා කරන්න. හැබැයි මෙය‍ාල Windows 11 Commercially Release කරන්න කලින් ලෝකේ වටේම ඉන්න අයට Windows 11 Test කරල බලන්න පුළුවන්.

ඒ Windows Insider Program එක හරහා. ඉතින් වින්ඩෝස් 11 නිල වශයෙන් නිකුත් කරලා පැය 24ක් වගේ යද්දී එයාල පළවෙනි Insider Preview එක එලියට දැම්මා. (මේක අර කලින් ආපු leak වුනු එක වගේ නෙමෙයි කෙලින්ම Microsoft එකෙන්ම Download කරන්න පුළුවන්) දැන් ඉතින් ඔයාල කැමති නම් මේක ඔයාලගේ Computer වලට Install කරන්න පුළුවන් පහත ලින්ක් එකෙන්.

ඒ වගේම තවත් මෙවැනිම තාක්ෂණික තොරතුරු දැනගන්න අපේ blog පිටුවට පිවිසෙන්න.

Leave a Comment