flowchart examples

ගැලීම් සටහන් (උදාහරණ සමග)

ගැලීම් සටහනක් යනු අල්ගොරිතමයක පියවර රූපමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි. මෙහෙදී පහත දක්වා ඇති සංකේත භාවිතා කරයි.

සංකේතය
නම
භාවිතය
start end flow chart symbol
Start/ Stop (ආරම්භය හෝ අවසානය)
ගැලීම් සටහනක ආරම්භය සහ අවසානය දැක්වීම සඳහා භාවිතා කරයි.
input output flow chart symbol
Input / Output (ආදානය හෝ ප්‍රතිදානය)
ආදානය හා ප්‍රතිදානය පෙන්නුම් කිරීම සඳහා භාවිතා කරයි.
process flow chart symbol
ක්‍රියාවලියක් / සැකසීමක් පෙන්නුම් කිරීම සඳහා භාවිතා කරයි.
decision flowchart symbol
Decision (තීරණය)
තීරණයක් ගැනීමට සිදුවන අවස්ථා සඳහා භාවිතා කරයි.
flow of logic arrows
Flow of Logic (ගැලීම් දිශාව)
දත්ත ගැලීමේ දිශාව පෙන්නුම් කරයි.

ඉහත සංකේත භාවිතා කරමින් සරල ගැලීම් සටහන් නිර්මාණය කරමු.

මෙහිදී අප විසින් සංඛ්‍යා දෙක ආදානය කරනු ලබන අතර එම සංඛ්‍යා දෙකෙහි එකතුව ප්‍රතිදානය ලෙස නිරූපනය කරයි. ඒ සඳහා අප විසින් ඉහතදී සඳහන් කරන ලද ගැලීම් සටහන් සඳහා වූ සංකේත භාවිතා කරනු ලබයි. 

මෙම ගැලීම් සටහනෙහි සංඛ්‍යා දෙක කැමති අයුරකින් සදහන් කල හැකි අතර පහත දැක්වෙන සටහනේදී x  සහ y ලෙස භාවිත කර ඇත. ඒ වෙනුවට ඔබට පළමු සහ දෙවැනි සංඛ්‍යාව ලෙසද භාවිතා කළ හැකිය. 

flowchart examples - addition of two numbers

සංඛ්‍යා දෙකක් ඇතුළත් කළ විට එහි ගුණිතය ලබා ගැනීමට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරමු.

ඉහත උදාහරණයේ පරිදිම මෙහිදීද සංඛ්‍යා දෙකක් ඇතුළත් කරනු ලබන අතර ඒ සඳහා අප විසින් A සහ B යන ඉංග්‍රීසි අකුරු දෙක භාවිතා කර ඇත. එහි එකතුව Mul ලෙස ගෙන එය ප්‍රතිදානය ලෙස නිරූපනය කර ඇත. 

flow chart examples

සෘජුකොනශ්‍රයක වර්ගඵලය සෙවීමට අදාල ගැලීම් සටහන නිර්මාණය කරමු.

area of a rectangle

සරලව ගත් විට දිග සහ පළලෙහි ගුණිතය ලෙස හැඳින්විය හැකිය. වර්ගඵලය ගණනය සඳහා අප විසින් එම අගයන් දෙක ආදානය කර යුතු අතර එහි ගුණිතය ප්‍රතිදානය ලෙස නිරූපණය කරනු ලබයි. 

Flowchart example - area of a rectangle

සංඛ්‍යා තුනක සාමන්‍ය අගය (average) සෙවීමට අදාල ගැලීම් සටහන නිර්මාණය කරමු.

සාමාන්‍ය අගය සෙවීමේදී අප විසින් දෙන ලද සංඛ්‍යා එකතු කර එම ලැබන අගය එකතු කරන ලද සංඛ්‍යා ප්‍රමාණයෙන් බෙදනු ලබයි. මෙම උදාහරණයේදී අප විසින් සංඛ්‍යා තුනක සාමාන්‍ය සොයන බැවින් එම සංඛ්‍යා තුන එකතු කර ලබන අගය තුනෙන් බෙදනු ලබයි. 

flowchart example find the average of three numbers

ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීමට අදාල ගැලීම් සටහන නිර්මාණය කරමු.

ඔබ ගණිතය විෂයේදී වර්ගඵලය සේවීම්දී භාවිත කරන ක්‍රමවේද මෙම ගැලීම් සටහනේදී පියවර වශයෙන් සරලව නිරූපණය කරනු ලබයි. වර්ගඵලය සොයන ආකාරය සරලව ඉගෙන ගන්න මේ වීඩියෝව නරඹන්න.

find the area of a rectangle

වට්ටම් ගණනය කිරීමට අදාල ගැලීම් සටහන නිර්මාණය කරමු.

බිල්පතක වටිනාකම ඇතුලත් කර විට 20% ක වට්ටමක් ලබාදෙන භාණ්ඩයක වට්ටම ගණනය කිරීමට පහත දැක්වෙන ගැලීම් සටහන භාවිතා කල හැකි වේ. 

ගැලීම් සටහන් උදාහරණ

ඔබට අදාල ප්‍රශ්න පත්‍ර භාගත කරගන්න මෙතනින් පිවිසෙන්න. 

Leave a Comment